E   |     |  

 පිළිතුර ලබා දී නැත 

1253/ 2025 - ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1253/2025

      ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

                   (ii)      එම ඉඩම් අතරින් මේ වනවිට බෙදාදී ඇති විකල්ප ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

      ‍(iii) එම විකල්ප ඉඩම් ලබාදී ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලබා දුන් ඉඩම් ප්‍රමාණය, ඉඩම් ලබා දීමේ පදනම සහ ඉඩම් ලබා දුන් කාල වකවානු වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එම විකල්ප ඉඩම් ලබා දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනයේ දේශපාලඥයන්ගේ නම් සඳහන්වී තිබේද;

      (v) එසේ නම්, එම දේශපාලඥයන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-10

අසන ලද්දේ

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks