පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1295/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) දිළිදු දරුවන්ගේ අධ්‍යාපනික, සෞඛ්‍ය සහ සමාජ සුභ සාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘රෙජී රණතුංග අධ්‍යාපනික ශිෂ්‍යත්ව අරමුදල’, 2000 අංක 28 දරන (සංස්ථාගත කිරීමේ) පනත අනුව පිහිටුවා ඇති බවත්;
(ii) ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ, පන්සිල්ගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් පර්චස් 100ක පමණ විශාලත්වයකින් යුතු ඉඩමක් 2003.04.07 දින එයට පරිත්‍යාග කරන ලද බවත්;
(iii) 2005 වර්ෂයේදී ඉහත ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකර වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කරන ලද අතර 2021 වර්ෂයේදී එම ආයතනය වසා දමන ලද බවත්;
(iv) 2023 වර්ෂයේදී එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර, එම ඉඩම වටා කම්බි ගසා, ගේට්ටුවක් සවිකර, එම ඉඩමේ පොල්පැල සිටුවා එය පුද්ගලික භුක්තියට නතු කර ගැනීමට කූඨ ලෙස හා වංචනික ලෙස කටයුතු කර ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) ඉහත ඉඩම පොදු ජනතාවගේ පොදු කටයුතු සඳහා රජයේ සුදුසු ආයතනයක් වෙත පැවරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks