E   |     |  

 දිනය: 2013-06-21   පිළිතුර ලබා දී ඇත 

2803/ 2013 - ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2803/’12

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)   ටින් මාළු සැකසීම සඳහා ගාල්ලේ ආරම්භකර ඇති කර්මාන්ත ශාලාවේ,

                    (i)       ආරම්භක දිනය කවරේද;

                  (ii)       හිමිකාරීත්වය දරන ආයතනය කුමක්ද;

                 (iii)       අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය කොපමණද;

        (iv)  ඇසුරුම් කිරීම සඳහා යොදාගන්නා මත්ස්‍යය වර්ගය හෝ වර්ග කවරේද;

        (v)  දෛනික මත්‍ස්‍යය අවශ්‍යතාව කොපමණද;

        (vi)  නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්න ඉහත මත්ස්‍ය වර්ගවල හෝ වර්ගයේ දේශීය දෛනික අස්වැන්න කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  ඉහත ටින් මාළු කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය කරන මත්ස්‍යයින් මේ වනවිට  ආනයනය කරන්නේද;

        (ii)  නොඑසේ නම්, එසේ කිරීමට සැලසුම්කර තිබේද;

        (iii)  එම මත්ස්‍යයින් ආනයනය කරනු ලබන හෝ එසේ කිරීමට අපේක්ෂිත රටවල් කවරේද;

        (iv)  මාසිකව ආනයනය කරන හෝ ආනයනය කිරීමට බලාපොරොත්තුවන මත්ස්‍ය ප‍්‍රමාණය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගාල්ලේ ඇති ටින් මාළු කර්මාන්තශාලාව : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාජිත සේනාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks