E   |     |  

 දිනය: 2013-03-06   පිළිතුර ලබා දී ඇත 

2821/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2821/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ කාර්යභාරය කවරේද;

                  (ii)       අමාත්‍යාංශයේ සේවයේ නියුතු එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;  

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  මේවන විට රට තුළ ධාවනයට යොදාගන්නා මුළු පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;

        (ii)  නිසි ලියාපදිංචිවීමකින් ‍අනතුරුව ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;

        (iii)  නිසි ලියාපදිංචිවීමකින් තොරව ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;

        (iv)  2000, 2003 සහ 2006 යන වර්ෂවලදී ධාවනය කරවන ලද පුද්ගලික බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; 

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?    

      (ඇ)  (i)  පසුගිය වර්ෂ අටක කාලය තුළ පුද්ගලික බස් ගාස්තු සංශෝධනය වූ අවස්ථා කවරේද;

        (ii)  ඉකුත් කාලසීමාව තුළ අනුමත කරන ලද බස්ගාස්තු වැඩිවීම් කවරේද;  

      යන්න වාර්ෂික පදනමින් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-03-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුද්ගලික ප්‍රවාහන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය : කාර්ය භාරය

පිළිතුරු දුන් දිනය

2013-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks