පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2853/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ, කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ, කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලි බලාගාරය (Kudankulam Nuclear Power Plant) නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ධාරිතාවය කොපමණද;
(ii) එහි සිට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇති දුර ප්‍රමාණය කොපමණද;
(iii) එය පිහිටි ස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ඇති දුර ප්‍රමාණය කොපමණද;
(iv) එහි ස්ථාන තක්සේරු වාර්තාව (Site Evaluation Study Report) ශ්‍රී ලංකා රජයට ලැබී තිබේද;
(v) එහි ආරක්ෂක විශ්ලේෂණ වාර්තාව (Safety Analysis Report) ශ්‍රී ලංකා රජයට ලැබී තිබේද;
(vi) ඉහත වාර්තා සභාගත කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත සඳහන් විදුලි බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුවිය හැකි බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා රජය මේ වන විට සිදුකර ඇති අධ්‍යයනයන් කවරේද;
(ii) එම අධ්‍යයනයන්හි වාර්තා සභාගත කරන්නේද;
(iii) ඉහත කී න්‍යෂ්ටික විදුලි බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුවන හානි වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-25
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කාන්තාවන් සහ ළමුන් වද හිංසාවලට ලක් වීම තුරන් කිරීම: ක්‍රමවේද
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks