E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2866/ 2012 - ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2866/’12

       

      ගරු එම්. ටී. හසන් අලි  මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කහටගහමඩ, සියඹලාගස්කොටුවේ පදිංචි එස්. එච්. එම්. පාතිමා මහත්මිය ගිරි/දලුපොතගම කණිෂ්ඨ විදුහලේ 2002.02.01 දින සිට ස්වේච්ඡා ගුරුවරියෙකු වශයෙන් සේවය කරමින් සිටින බවත්;

      (ii) ඒ අනුව ගුරු සහායක පත්වීමක් ලැබීමට හිමිකම් ලද පාතිමා මහත්මියට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ලේකම් විසින් ව/ප්‍රඅලේ/ආ13/3/4 හා 2009.08.17 දිනැති ලිපිය මගින් එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට යොමු අංක 11 යටතේ කැඳවීම් කරනු ලැබුවත්, එම ගුරු   සහායක පත්වීම මෙතෙක් ලබාදී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) වර්ෂ 2009 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාතිමා මහත්මියට හිමි ගුරු සහායක පත්වීම ලබාදීමට  පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks