E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

2933/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2933/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වල්ලිවල බටහිර ග්‍රාම නිලධාරී වසම තුළ අභිමානගම නිවාස ක්‍රමය පිහිටා ඇති බවත්;

      (ii) 1985 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නාගරික වනෝද්‍යානය ලෙස වැලිගම අභිමානගම නිවාස ව්‍යාපෘතියට ආසන්න භූමියක් ප්‍රකාශයට පත්කර ඇති බවත්;

      (iii) වනෝද්‍යානය සහිත එම භූමිය 2012 මැයි 23 දින දිනමිණ පුවත්පතේ පළකරන ලද දැන්වීමක් මගින් විකිණීම සඳහා කටයුතුකර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එම නාගරික වනෝද්‍යානය විකිණීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වැලිගම නාගරික වනෝද්‍යානය : පුවත් පත් දැන්වීම

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks