බලන්න

E   |     |  

 දිනය: 2013-09-04   පිළිතුර ලබා දී ඇත 

2934/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2934/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, සියඹලාගොඩ (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සිංගල්දෙනිය, නියගමළහේන ඇතුළු සරු සාර කුඹුරු ඉඩම් කිහිපයක් විනාශ කරමින් කුඹුරට අවශ්‍ය නොවන ඇළ මාර්ගයක් සහ පාරක් සකස් කරන බවත්;

      (ii) එම ඇළ මාර්ගය සහ පාර තැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධතාවයක් දක්වන බවත්;

      (iii) මෙම ක්‍රියාව නිසා වර්ෂාව අඩු කාලවලදී කුඹුරු යාය විනාශ වී යාමේ අවදානමක් ඇති බවට ගොවීන් චෝදනා කරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ඇළ මාර්ගය සහ පාර තැනීම සඳහා වැය කරන මුදල කොපමණද;

      (ii) ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු ලබන අරමුදල කවරේද;

      (iii) ගොවින් ප්‍රතික්ෂේප කරනු ලබන මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට හා විධිමත් පරීක්ෂණයක් සිදුකර  ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: අනවශ්‍ය ඇළ මාර්ගයක් සහ පාරක් තැනීම

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks