E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2953/ 2012 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2953/’12

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ‘මැනින් ටවුම’ නිවාස යෝජනා ක්‍රමයේ ඇතැම් නිවැසියන් විසින් ලියාපදිංචි සහාධිපත්‍ය පිඹුරට පටහැනිව අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත්;

      (ii) එම නිවාස යෝජනා ක්‍රමයේ කළමනාකරණ සංස්ථාව විසින් එකී අනවසර ඉදිකිරීම් වාර්තා කිරීම හෝ ඉවත් කිරීම ඕනෑකමින්ම මග හැර ඇති බවත්;

      (iii) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සිය බලතල අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පරීක්ෂා නොකරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ‘මැනින්ටවුම’ නිවාස යෝජනා ක්‍රමයේ මේ වන විට ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කරන ලෙස සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට උපදෙස් දීමටත්;

      (ii) එම අධිකාරියේ නිරන්තර පරීක්ෂා කිරීම් තුළින් ඉහත නිවාස සංකීර්ණයේ සහාධිපත්‍ය දේපළ, පොදු අංගෝපාංග සහ පොදු දේපළවල පාලනය යථාපරිදි පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය නියෝග ලබා දීමටත්;

      (iii) බද්ධ නිවාස අයිතිවාසිකම් පනතේ විධිවිධානවලට අනුකූලව හා යටත්ව කටයුතු කළයුතු බවට සියලු කළමනාකරණ සංස්ථාවලට පොදු උපදෙස් මාලාවක් නිකුත් කිරීමටත්;

      කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

       (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මැනින් ටවුම නිවාස යෝජනා ක්‍රමය : අනවසර ඉදි කිරීම්

පිළිතුරු දුන් දිනය

2012-11-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks