පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2962/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සමෘද්ධි සහනාධාර ලබන වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට රුපියල් 1,000ක මාසික දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බැවින් ඔවුන්ට හිමිවූ සමෘද්ධි සහනාධාර අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා මාසිකව රජය විසින් වැය කරනු ලැබූ මුළු මුදල කොපමණද;
(ii) ඉහත සඳහන් රු.1000ක දීමනාව ලබාදීම හේතුවෙන් දැනට ලබාදෙන සමෘද්ධි සහනාධාර කපා දැමීමට අනුමතිය ලබා දී තිබේද;
(iii) රුපියල් 1000ක දීමනාව ලබාදීම හේතුවෙන් දැනට ලැබෙන සමෘද්ධි සහනාධාර කපා දැමීම වෙනුවට එම දීමනාව සමග සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-04
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික දීමනාව : සමෘද්ධි සහනාධාර
පිළිතුරු දුන් දිනය
2012-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks