පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2981/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බුලත්සිංහල රෝහලේ ප්‍රමාණවත් තරම් හෙද හෙදියන්, සෞඛ්‍ය කළමනාකරණ සහකරුවන්, වෛද්‍ය රසායන ශිල්පීන්, විශේෂඥ වෛද්‍යවරුන්, සනීපාරක්ෂක කම්කරුවන්, ලිපිකරුවන් සහ ගිලන් රථ නොමැති බවත්;
(ii) එම අඩුපාඩු නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) බුලත්සිංහල රෝහල වෙත ප්‍රතිකාර සඳහා දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එහි පවතින අඩුපාඩු පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(iii) බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීම උදෙසා එම රෝහලෙහි පවතින සියලු අඩුපාඩු සකස් කරදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-23
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
බුලත්සිංහල රෝහල : අඩුපාඩු
පිළිතුරු දුන් දිනය
2013-04-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මෛත්‍රීපාල සිරිසේන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks