E   |     |  

 දිනය: 2013-09-05   පිළිතුර ලබා දී ඇත 

2990/ 2013 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2990/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      කෑගල්ල දිස්ත්‍රික්කයේ, කිතුල්ගල, කැලණිවැලි රක්ෂිතයට අයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයවන, මාකන්දූව රක්ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්වා මාර්ගයක් ඉදිකරනු ලබන බවත්;

        (ii)  එම මාර්ගය ඉදිකිරීම නිසා දැඩි පාරිසරික හානියක් සිදුවන බවට පරිසරවේදීන් චෝදනා කරන බවත්;

         (iii)  සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)   (i)  මාකන්දූව රක්ෂිතය හරහා ඉහත සඳහන් මාර්ගය ඉදිකිරීමට නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබේද;

        (ii)  සිදුවන පරිසර හානිය සහ ඊට අදාළ ජනතා විරෝධය සලකා එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කිරිමට කටයුතු කරන්නේද;

      යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිතුල්ගල - පල්ලෙබාගෙ මාර්ගය : පරිසර හානිය

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks