පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2991/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 මැයි සිට 2012 මැයි දක්වා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතීත්වය දැරූ පුද්ගලයාගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් කවරේද;
(ii) ඔහුට එම තනතුරට අදාළව මාසිකව ගෙවනු ලබන වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද කවරේද;
(iii) ඔහු ගෘහස්ථ මෙහෙකරුවන් දෙදෙනෙකු සේවයේ යොදවා ඇති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සංස්ථාවෙන් මසකට රුපියල් 35,000.00ක මුදලක් ලබා ගත්තේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඕපල්ගල වතුයායේ අක්කර 250 ක පමණ සශ්‍රීක එනසාල් ඉඩමක් කිසිදු ප්‍රසිද්ධ දැන්වීමකින් තොරව “සසිකි” නමැති පුද්ගලික සමාගමකට ලබාදී ඇති බවත්;
(ii) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු වූ 32-606 හා 32-611 ජීප් රථ දෙක රහසිගතව සභාපතිවරයා විසින් විකුණා ඇති බවට එහි සේවකයින් චෝදනා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) ඉහත (ආ)(ii) හි සඳහන් වාහන අලෙවි කර ඇත්නම්, ඒවා මිලදී ගත් අයගේ නම්, ලිපිනයන් හා විකුණන ලද වටිනාකම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති: චෝදනා
පිළිතුරු දුන් දිනය
2013-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks