E   |     |  

 දිනය: 2013-07-11   පිළිතුර ලබා දී ඇත 

2997/ 2013 - ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2997/’12

      ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       වර්ෂ 2009 සිට 2012 දක්වා කාල සීමාව තුළ අධිකරණයට ඉදිරිපත්ව ඇති සමස්ත ළමා අපචාර හා අපයෝජන නඩු සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම නඩු අතුරින් මේ වන විට විභාග වෙමින් පවතින සංඛ්‍යාව සහ විභාග ‍කොට අවසන් කර ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  වර්ෂ 2009 සිට මේ දක්වා විභාග කළ ළමා අපචාර හා අපයෝජන නඩුවලදී  වරදකරුවන් වී දඩුවම් ලැබූ සංඛ්‍යාව කොපමණද;

        (ii)   ළමා අපචාර හා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට ලබා දෙන උපරිම දඬුවම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-11

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ළමා අපචාර හා අපයෝජන නඩු : දඬුවම්

පිළිතුරු දුන් දිනය

2013-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks