E   |     |  

 දිනය: 2014-04-24   පිළිතුර ලබා දී ඇත 

3255/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3255/’12

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ජාත්‍යන්තර නැව් මාර්ගයට මුහුණලා ඉදිකර ඇති ගාල්ල, රූමස්සල ජපන් සාම චෛත්‍යය ආසන්නයේ ස්වර්ණභූමි ඔප්පු යටතේ ලබා දී ඇති ඉඩම් ව්‍යාපාරිකයන් විසින් මිලදී ගෙන ඒවායේ නිවාස සාදන මුවාවෙන් හෝටල් සංකීර්ණ සඳහා මහල් ගොඩනැගිලි සාදන බවත්;

        (ii)    ඥාති සම්බන්ධතා නොමැති අයෙකුට විකිණීමට හෝ පැවරීමට නොහැකි ස්වර්ණභූමි ඔප්පු සහිත එම ඉඩම් ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)   (i)  ඉහත ඉඩම් විකිණීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන්නේද;

         (ii)  සාම චෛත්‍යයේ පැවැත්මට දැඩි බලපෑම් ඇතිවන පරිදි කරනු ලබන ඉහත සඳහන් ඉඩම්වල හෝටල් ඉදිකිරීම නවතා දැමීමට කටයුතු කරන්නේද;

        (iii)  එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රූමස්සල ස්වර්ණභූමි ඔප්පු සහිත ඉඩම් විකිණීම : විධිමත් පරීක්ෂණයක්

පිළිතුරු දුන් දිනය

2014-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සිරිපාල ගමලත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks