E   |     |  

 දිනය: 2013-06-06   පිළිතුර ලබා දී ඇත 

3298/ 2013 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3298/’12

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය පිහිටි ඉඩමෙන් කොටසක් පෞද්ගලික සමාගමකට ව්‍යාපාරික කටයුතු සඳහා ලබාදීමට තීරණය කර තිබේද;

                  (ii)       එසේ නම්, එම පෞද්ගලික සමාගමේ නම කවරේද;

        (iii)  එම සමාගම ඉහත ඉඩම ඉල්ලා සිටින ව්‍යාපාරික කටයුත්ත කවරේද;

        (iv)  ඉහත සඳහන් ඉඩම එකී පෞද්ගලික සමාගමට ලබා දෙන්නේ නම්, ඊට අදාළවන කොන්දේසි කවරේද;

        (v)  අදාළ ඉඩම එම සමාගමට ලබා දෙන මිල ගණන් කව‍රේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  උක්ත දේපළ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට අයිති බවත්;

        (ii)  මේ වනවිට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තුළ ද ඉඩ පහසුකම් ‍නොමැති තත්ත්වයක් පවතින බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2013-06-06

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය පිහිටි ඉඩම : පෞද්ගලික සමාගමට ලබා දීම

පිළිතුරු දුන් දිනය

2013-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks