පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3309/’12
ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට තිබෙන සමස්ත රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත කී එක් එක් රෝහල සඳහා අනුමත සේවක සංඛ්‍යාව තුළ සිටිය යුතු වෛද්‍යවරුන්, හෙදියන්, සාත්තු සේවකයන්, කම්කරුවන් සහ අනෙකුත් ශ්‍රේණිවල නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්තමානයේ එම රෝහල්වල සේවය කරන, ඉහත එක් එක් තනතුරට අදාළ කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත කී රෝහල්වල පුරප්පාඩු කිසිවක් හෝ තිබේ නම්, ඒවා පිරවීමට පියවර ගන්නේද;
(v) එසේ නම්, එය කවර කාලසීමාවක් තුළ සිදුකරනු ලබන්නේද;
(vi) ඉහත කී රෝහල්වල අතිරික්ත කාර්ය මණ්ඩල සිටින්නේ නම්, ඔවුන් අනුයුක්ත කරනු ලබන කාර්යයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks