පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3434/’13
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජා-ඇල, කපාලකන්ද පාර, කණුවනවත්ත, අංක 103 හි පදිංචි ජේ. එම්. සී. රත්නායක මහතාගේ ඉඩමට බලපෑ හැකි වෙනත් ඉඩම් බෙදීමකට එරෙහිව පැනවූ කේවියට් තහනම් නියෝග දෙකක් පෑලියගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ දැඩි බලපෑම් මත ඉවත්කර ගත් බවත්;
(ii) කේවියට් තහනම පවතිද්දීත් එම ඉඩම බෙදීමට අදාළ ඉඩම් හිමිකරු යුද හමුදා නිලධාරීන් සමග 2012.05.12 දින පැමිණ ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ආකාරයේ පෞද්ගලික ආරවුලකට රජයේ ආරක්ෂක අංශ යොදවාගෙන ඇත්තේ කෙසේද;
(ii) ඉහත පොලිස් අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති ලිඛිත පැමිණිලි සම්බන්ධයෙන් සහ එම පොලිස් නිලධාරියාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) උක්ත පොලිස් අධිකාරීවරයා විසින් මෙම ඉඩම් මැනීමට අදාළව කරනු ලබන තර්ජන හේතුවෙන් ජේ. එම්. සී. රත්නායක මහතාට, ඔහුගේ පවුලේ සාමාජිකයකුට හෝ දේපළවලට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් සහ බලපෑම් මත සිදුකරනු ලබන එවැනි ඉඩම් මැනීමකදී රත්නායක මහතාගේ ඉඩමට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා පාර්ශ්වය කවුරුන්ද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-21
අසන ලද්දේ
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කේවියට් තහනම් නියෝග : ඉවත් කර ගැනීම
පිළිතුරු දුන් දිනය
2013-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks