පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3465/’13
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;
(iii) 2012 මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කරන ලද බිම් ප්‍රමාණය සහ එසේ වගා කටයුතු කරන ගොවීන්ගේ නම්, එක් එක් ගොවිජන සේවා මධ්‍යස්ථානය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) කාබනික පොහොර යොදා නිපදවන ලද වී වර්ගවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකරන්නේද;
(v) එසේ නම්, එම ස්ථාන කවරේද;
(vi) කාබනික පොහොර යොදා නිපදවන වී වර්ග මිලදී ගන්නා ස්ථාන තිබේද;
(vii) එසේ නම්, එම ස්ථානවල නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-21
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කාබනික පොහොර නිෂ්පාදනය : අනුරාධපුර දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2014-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks