E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

3588/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3588/’13

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       මාතර දිස්ත්‍රික්කයේ, මාතර, අකුරැස්ස, කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසවල නිල්වලා ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ග‍ඟෙහි සිටින කිඹුලන් නිසා දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)      2010 වර්ෂයේ සිට මේ දක්වා  ඉහත ප්‍රදේශයන්හිදී  කිඹුලන් විසින් මරා දමන ලද පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

        (ii)  එම පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් සහ එක් එක් පුද්ගලයා වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ වල පවත්නා කිඹුල් උවදුර මැඩලීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

        (iv)  ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිඹුල් තර්ජනය වැළැක්වීම: නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks