බලන්න

E   |     |  

 දිනය: 2013-09-05   පිළිතුර ලබා දී ඇත 

3686/ 2013 - ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3686/’13

       

      ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට වැඩි පිරිසක් එහිදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති විවිධ තාඩන, පීඩන සහ අතවර හේතුවෙන් සේවා ස්ථානවලින් පැනයාම නිසා වෙනත් කිසිදු චෝදනාවක් නොමැතිව පොලිස් අත්අඩංගුවේ සහ සිර කඳවුරුවල රඳවාගෙන සිටින බවත්;

      (ii) එලෙස කරදර හිරිහැරවලට ලක්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියා කිරීම සඳහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් එම ගැටලු විසඳීම සඳහා ක්‍රමවත්, කඩිනම් ප්‍රතිචාරයන් නොලැබෙන බවත්; 

      එතුමා දන්නෙහිද?

      (ආ) දැනට ක්වේට් රාජ්‍යයේ කඳවුරුවල රඳවා සිටින පිරිස් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-05

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුවේට් සිර කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්: ගෙන්වා ගැනීම

පිළිතුරු දුන් දිනය

2014-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks