පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3741/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල සේවය කරනු ලබන මුළු ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගුරු පිරිසෙන් වර්ෂ 5-10, 11-15, 16-20 සහ 21 ට වැඩි වශයෙන් තම සේවා කාලය තත් පාසල තුළ සපුරා ඇති ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් පාසල අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මාතර දිස්ත්‍රික්කයේ එක් එක් ජාතික පාසල තුළ දීර්ඝ කාල සීමාවක් තිස්සේ සේවය කරනු ලබන විශාල ගුරු පිරිසක් සිටින බව පිළිගන්නේද;
(ii) එම ගුරුවරුන් එකම පාසලේ රැදී සිටීමට හේතු කවරේද;
(iii) එම ගුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් : ගුරු මාරු
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks