E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

3778/ 2013 - ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3778/’13

      ගරු විජිත බේරු‍ගොඩ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජනතාව වෙත “ඩීමෝ බට්ටා”ලොරි රථ ලබාදීමේ අරමුණ කවරේද;

      (ii) එම ලොරි රථ ලබාදීමේ නිර්නායක කවරේද;

      (iii) එකී නිර්නායක පාදකකොට ගෙන මේ වන විට ලබාදී ඇති ලොරි රථ සංඛ්‍යාව කොපමණද;

      (iv) එම එ‍ක් ලොරි රථයක වටිනාකම කොපමණද;

      (v) එම ලොරි රථ ලබාදීමේ ක්‍රමවේදය නොකඩවා පවත්වාගෙන යන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම ලොරි රථ බැංකු ණයක් මගින් ලබා දෙන්නේ නම්, අදාළ බැංකුකරුවන් කවුරුන්ද;

      (ii) එම ණය මුදල ලබා දෙන්නේ පොලී සහිතවද; නැතහොත්, පොලී රහිතවද;

      (iii) එම ණය වාරිකයක අගය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

''ඩීමෝ බට්ටා'' ලොරි ලබා දීම : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks