E   |     |  

 දිනය: 2014-05-22   පිළිතුර ලබා දී ඇත 

3913/ 2014 - ගරු පී. හැරිසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3913/’13

       

      ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       උතුරු මැද පළාතේ,

                    (i)       වර්ෂ 2005-2012 කාල සීමාව තුළ මියගිය සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව;

                   (ii)       එක් එක් රෝහලේදී මිය ගිය එම රෝගීන් සංඛ්‍යාව;

      (iii) රජයේ රෝහල්වලින් දැනට ප්‍රතිකාර ලබන සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව;

      (iv) එක් එක් රජයේ රෝහලේ ප්‍රතිකාර ගනු ලබන  එම රෝගීන් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i) උතුරු මැද පළාතේ පිළිකා රෝගීන් සඳහා ප්‍රමාණවත් තරම් ඖෂධ  තිබේද;

      (ii) එම පළා‍තේ   පිළිකා රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවී ඇති බව   පිළිගන්නේද;

      (iii) එසේ නම්, එයට හේතු කවරේද;

      (iv) එම හේතු වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-05-22

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු මැද පළාත: පිළිකා රෝගීන්

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., , පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks