බලන්න

E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

4088/ 2014 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4088/’13

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දන්නේද;

                  (ii)       ඒ සඳහා ගිවිසුම ඇති කර ගන්නා ලද ආයතනයේ නම කවරේද;

        (iii)  එම ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබුවේද;

        (iv)  අදාළ ගිවිසුමෙහි පිටපතක් මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;

        (v)  එම ගිවිසුම අත්සන් කරන ලද දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

        (ii)  එම ව්‍යාපෘතියේ කාල සීමාව කොපමණද;

        (iii)  ජාලගත කරන ලද තැපැල් කාර්යාල සංඛ්‍යාව අදියරෙන් අදියර, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks