පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4214/’13
ගරු තිස්ස අත්තනායක මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ මුද්‍රණාලයාධිපති තනතුර පුරප්පාඩුව පවතීද;
(ii) එසේ නම්, එම තනතුරෙහි දැනට වැඩ ආවරණය කිරීම සඳහා යම් නිලධාරියකු පත් කර තිබේද;
(iii) එම නිලධාරියාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත නිලධාරියා රජයේ මුද්‍රණාලයාධිපති තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැත්තෙකු බවත්;
(ii) ඒ අනුව සම්පූර්ණ සුදුසුකම් නොමැති, ආයතනයේ සේවය කරන කණිෂ්ඨ නිලධාරියකු මුද්‍රණාලයාධිපති තනතුර සඳහා පත් කර ඇති බවත්;
(iii) මුද්‍රණාලයාධිපති තනතුර සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සිව් දෙනෙකු මේ වන විටත් ආයතනය තුළ සේවයේ යෙදී සිටින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, ඉහත තත්ත්වයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-07
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජයේ මුද්‍රණාලයාධිපති තනතුර : සුදුසුකම්
පිළිතුරු දුන් දිනය
2014-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks