පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4220/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනයේ පූර්ණකාලීනව සේවයේ යෙදෙන සංඛ්‍යාව කොපමණද;
(ii) 2010, 2011 සහ 2012 යන එක් එක් වර්ෂයේ දී එම ආයතනය විසින් වැයකළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලංකාව තුළ විනිශ්චයකරුවන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් ආයෝජනයක් සිදුකර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉන්දියාව, මලයාසියාව වැනි රටවල පවතින ආකාරයේ විශ්වවිද්‍යාල මට්ටමේ විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට ගරු අතාවුද සෙනෙවිරත්න අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යධූරය දරන කාලයේ තීරණයක් ගෙන තිබු බව දන්නේද;
(ii) විශ්වවිද්‍යාල මට්ටමේ විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම සඳහා වන අදහස පිළිබඳව එකඟ වන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-04
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනය : විස්තර
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks