E   |     |  

 දිනය: 2014-03-21   පිළිතුර ලබා දී ඇත 

4283/ 2014 - ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4283/’13

       

      ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)         (i)       2012 අයවැය මගින් යෝජනා කළ රු. 750/= බැගින් වන රණවිරු දෙමාපිය මාසික දීමනාව ලබාදීමට සුදුස්සන් තෝරා ගැනීමේදී සලකා බලනු ලබන නිර්ණායක කවරේද;

      (ii) මේ වන විට ඒ සඳහා හිමිකම් ලබා ඇති රණවිරු දෙමව්පියන් සංඛ්‍යාව කොපමණද;

      (iii) දෙමව්පියන් හට එම දීමනාව සඳහා හිමිකම් ලැබීමට පදනම් වූ රණවිරුවන් සංඛ්‍යාව යුධ, නාවික සහ ගුවන් හමුදා අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) (i) පොලිස් දෙපාර්තමේන්තුවේ දැනුම්දීමක් අනුව ඉහත දීමනාව ලැබීමට සුදුසුකම් ඇති පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන්  බැංකු ගිණුම් ආරම්භකර වර්ෂයකට වැඩි කාලයක් ගත වී ඇතත්, මේ දක්වා එකී දීමනාව එම ගිණුම්වලට බැර කර නොමැති බව පිළිගන්නේද;

      (ii) එසේ නම්, පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන් සඳහා ද එම දීමනාව ලබා දීමට පියවර ගනු ලබන්නේද;

      (iii) ඒ සඳහා ගතවන කාලය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-03-21

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks