E   |     |  

 දිනය: 2014-04-24   පිළිතුර ලබා දී ඇත 

4307/ 2014 - ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4307/’13

       

      ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2012 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, වාර්ෂික පදනමින් කොපමණද;

                  (ii)       2011 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ බවට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව, වාර්ෂික පදනමින් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  2009 ජනවාරි මස සිට මේ දක්වා,

        (i)  හඳුනාගත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සංඛ්‍යාව කොපමණද;

        (ii)  ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගත් පාසල්, විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  2010 ජනවාරි මස සිට මේ දක්වා,

        (i)  ශ්‍රී ලංකාවේ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක තුන කවරේද;

       

        (ii)  එම එක් එක් දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් මදුරුවන් බෝවන ස්ථාන සංඛ්‍යාව කොපමණද;

      යන්න වාර්ෂික පදනමින් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  (i)  2009 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු වසංගතයට පිළියම් යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටු කවරේද;

        (ii)  එම එක් එක් කමිටුව පත් කළ දිනය කවරේද;

        (iii)  එම එක් එක් කමිටුවේ බලපැවරුම කවරේද;

      යන්නත් එතුමා තවදුරටත් සඳහන් කරන්නෙහිද?

      (ඉ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-24

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඩෙංගු වසංගතය : විස්තර

පිළිතුරු දුන් දිනය

2014-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., , පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks