E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

4320/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4320/’13

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       2013 වර්ෂයේ අගෝස්තු මස අවසානය වන විට දිවයිනේ වී ගබඩාවල තිබූ වී තොග ප්‍රමාණය කොපමණද;

                   (ii)       එම වී තොග පසුගිය මහ කන්නයේ මිලදී ගනු ලැබූ ඒවාද;

      (iii) නොඑසේ නම්, ඊටත් වඩා පැරණි වී තොග එම ගබඩා තුළ තිබුණේද;

      (iv) එම වී තොග ජනතාවගේ පරිභෝජනය සඳහා නිකුත් නොකිරීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) (i) 2013 වර්ෂයේ යල කන්නය සඳහා අපේක්ෂා කරන ලද වී අස්වැන්න කොපමණද;

      (ii) එම අස්වැන්න මිලදී ගැනීමට හා ගබඩා කිරීමට සැලසුම් කරනු ලැබුවේද;

      (iii) එම වැඩසටහන කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගබඩාකර තිබූ වී තොග : විස්තර

පිළිතුරු දුන් දිනය

2016-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනෝමා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks