පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4407/’13
ගරු තිස්ස අත්තනායක මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඇඟළුම් කර්මාන්තශාලාවල සේවය කරනු ලබන සේවක සේවිකාවන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ඇඟළුම් කර්මාන්තශාලාවල මේ වන විට 30,000ක පමණ සේවක සේවිකා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව දන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඇඟළුම් කර්මාන්තශාලාවල පවතින පුරප්පාඩු මේ දක්වා පුරවනු ලැබුවේ දේශීය ශ්‍රමිකයන් යොදවාගෙන බව පිළිගන්නේද;
(ii) ඉදිරියේදී එම පුරප්පාඩු පිරවීම සඳහා බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවලින් විදේශ ශ්‍රමය ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේද;
(iii) එසේ නම්, එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සාධක කවරේද;
(iv) ඒ ආකාරයෙන් ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම සඳහා විදේශ ශ්‍රමිකයන් යොදවා ගැනීම තුළින් මෙරට තරුණ තරුණියන්ට තිබූ රැකියා අවස්ථා අහිමිවීමක් සිදුවන බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-22
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඇඟලුම් ක්‍ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම: ක්‍රියා මාර්ග
පිළිතුරු දුන් දිනය
2014-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks