E   |     |  

 දිනය: 2014-08-07   පිළිතුර ලබා දී ඇත 

4507/ 2014 - ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4507/’13

       

      ගරු සුජීව සේනසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       හම්බන්තොට වරාය ආරම්භ කළ දින සිට මේ දක්වා එහි නඩත්තු කටයුතු වෙනුවෙන්  වැය වූ මුදල කොපමණද;

                  (ii)       හම්බන්තොට වරාය තුළින් රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබී ඇති බව සනාථ කරන්නේද;

        (iii)  එම වරාය ඔස්සේ වාහන ආනයනය කිරීමෙන් හා ප්‍රති අපනයනයෙන් මෙතෙක් උපයා ඇති ආදායම කොපමණද; 

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  හම්බන්තොට වරායේ කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු අපනයන හා ප්‍රති-අපනයනගත වාහන ගොඩබෑම හා නැව්ගත කිරීම සිදුකරනු ලැබුවේ කොළඹ වරායේ බවත්;

        (ii)  සාධාරණ හේතුවක් නොමැතිව එම කටයුතු කොළඹ වරායෙන් ඉවත් කර හම්බන්තොට වරාය වෙත ගෙන යාමෙන් වාහන ආනයනකරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ)  (i)  හම්බන්තොට වරායට නුදුරින්, ජාත්‍යන්තර මුහුදු මාර්ගය ඔස්සේ දිනකට නැව් 400ක් පමණ යාත්‍රා කරනු ලබන්නේද;

        (ii)  එම නැව් අතරින් ඉන්ධන ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණෙන නැව් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-07

අසන ලද්දේ

ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks