E   |     |  

 දිනය: 2014-07-08   පිළිතුර ලබා දී ඇත 

4568/ 2014 - ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4568/’13

       

      ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)         (i)      විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක්        ශ්‍රී ලංකාවට උපයා දෙන මැද පෙරදිග රටවල් දහය කවරේද;

                   (ii)      එම එක් එක් රටෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

      (iii) එම සෑම රටකම ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටා තිබේද;

      (iv) එම එක් එක් තානාපති කාර්යාලයෙහි සේවය කරනු ලබන භාෂා පරිවර්තක නිලධාරීන් සහ කම්කරු නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) එම රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවට සාපේක්ෂව ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් තානාපති කාර්යාලවල සේවයේ යොදවා නොමැති බව පිළිගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එම රටවලදී පොලිස් අත්අඩංගුවට පත්වුවහොත්, එම අවස්ථාවේදීම  ඒ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට දැනුම් දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් වී තිබේද;

      (ii) ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර  අවබෝධතා ගිවිසුම් ඇති කර එවැනි ක්‍රමවේදයක් සකසා ගැනීම තුළ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තානාපති කාර්යාලවල රැකවරණය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-08

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks