පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4613/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වෙනුවෙන් 2013 වර්ෂය සඳහා අයවැයෙන් වෙන්කර තිබූ මුදල කොපමණද;
(ii) එම වර්ෂය තුළ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ වැටුප් සඳහා වැය වූ මුළු මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2013 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වෙන් කර තිබූ මුදල කොපමණද;
(ii) එම මුදලින් කොළඹ නගරය අලංකරණය කිරීම වෙනුවෙන් වෙන් කළ මුළු මුදල කොපමණද;
(iii) කොළඹ නගරය අලංකරණය කිරීමේ වැඩ සටහනට යොදවනු ලබන ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන ලද මුළු මුදල කොපමණද;
(iv) එම මුදලින් කොළඹ නගරය අලංකරණය කිරීම වෙනුවෙන් විවිධ කාර්යයන් සිදු කිරීම සඳහා ශ්‍රමය සැපයූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට අමතර දීමනාවක් ගෙවනු ලැබුවේද;
(v) ඉහත (iv) පරිදි ගෙවීමක් සිදු කර නොමැති නම්, 2013 වර්ෂය සඳහා ඉහත වැඩසටහන වෙනුවෙන් ශ්‍රමිකයන් හට වෙන් කළ මුදල සහ එම මුදල වැය කල ආකාරය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-08
අසන ලද්දේ
ගරු සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks