පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4673/’13
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් තනතුර දැරීම සඳහා තිබිය යුතු සුදුසුකම් කවරේද;
(ii) එම තනතුරේ සේවය කළ යුතු කාල සීමාවන් තිබේද;
(iii) එම තනතුර සඳහා ගෙවනු ලබන වැටුප කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) “වකුගඩු රෝගයට හේතු විය හැක” යන පදනම මත වර්තමාන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉදිරි වර්ෂ දෙකක කාල සීමාව සඳහා ආනයනය අත්හිටුවා ඇති පළිබෝධ නාශක වර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) ආනයනය කිරීම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන මගින් ද ඉල්ලා ඇති පළිබෝධ නාශක කවරේද;
(iii) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රට තුළට ආනයනය නොකරන ලෙස ඉල්ලා ඇති පළිබෝධ නාශක ගෙන්වීම ආරම්භ කරනු ලැබූ වර්ෂය කවරේද;
(iv) දැනට රජය මගින් තහනමට ලක් කර ඇති පළිබෝධ නාශක වෙනත් නම් යටතේ ගෙන්වන බව දන්නේද;
(v) එසේ නම්, එවැනි කටයුතුවල යෙදෙන සමාගම්වලට එරෙහිව ගනු ලබන නීත්‍යානුකූල පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-07
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks