E   |     |  

 දිනය: 2014-08-05   පිළිතුර ලබා දී ඇත 

4714/ 2014 - ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4714/’14

       

      ගරු මොහමඩ් අස්ලම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       මහනුවර, කුළුගම්මන, අංක 122 දරන ස්ථානයේ පදිංචි එන්. පී. එම්. තව්ෆීර් මහතා, වත්තේගම අධ්‍යාපන කලාපයට අයත්, මහ/ව/අල්හික්මා මුස්ලිම් මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති (විදුහල්පති සේවයේ II ශ්‍රේණිය) ධූරය දරමින් සිටියදී, සේවයෙන් විශ්‍රාම යෑම පිණිස 2008.03.01 දින ලිඛිත ඉල්ලීමක් භාර   දී ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  2011.05.30 වැනි දිනට වයස අවුරුදු 60 ක් සම්පූර්ණ කරන ලද තව්ෆීර් මහතා විශ්‍රාම ගැන්වීම ප්‍රමාද කිරීමේ හේතු කවරේද;

        (ii)  මුල් පත්වීම ලද 1971.10.03 වැනි දිනයේ සිට දශක තුනක කාලයක් සතුටුදායකව ඉටු කරන ලද සේවය සැලකිල්ලට ගෙන ඒ මහතා විශ්‍රාම ගැන්වීමට නොපමාව  පියවර ගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-05

අසන ලද්දේ

ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks