E   |     |  

 දිනය: 2014-08-05   පිළිතුර ලබා දී ඇත 

4797/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4797/’14

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන  හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා 1994 වර්ෂයේදී  පැවති  විවෘත තරග විභාගයේ දී ලබා ගත් ලකුණු මත පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකට කැඳවන ලද අපේක්ෂකයන් සංඛ්‍යාව කොපමණද;

        (ii)  එම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් සිදු කරන ලද කඩඉම් ලකුණ (Cut - off mark) කොපමණද;

        (iii)  විභාග අංක 01381 යටතේ එකී විභාගයට පෙනී සිට, ලකුණු 850න් 421ක් ලබා ගත් ගල්ගමුව, මහගල කන්ද විල, මැදගම, අංක 36 හි පදිංචි එල්. ඒ. නිමල් යන අයව  සම්මුඛ පරීක්ෂණය සඳහා නොකැඳවීමට හේතු කවරේද;

        (iv)  සම්මුඛ පරීක්ෂණයට නොකැඳවීම හේතුවෙන් එල්. ඒ. නිමල් යන අයට අසාධාරණයක් සිදු වී ඇති බව පිළිගන්නේද;

        (v)  එසේ නම්, එල්. ඒ. නිමල් මහතාට ලබා දිය හැකි සහනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-05

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks