E   |     |  

 දිනය: 2014-10-10   පිළිතුර ලබා දී ඇත 

4855/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4855/’14

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා පිළිබඳ සංඛ්‍යා ලේඛන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සතුව තිබේද;

                   (ii)      ඒ අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වැඩ සිටින බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ සංඛ්‍යාව  කොපමණද;

      (iii) 2013 වර්ෂය තුළදී   පැවිදි බව ලැබූ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      (iv) එම වර්ෂය තුළදී උපැවිදි වූ  භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරන මහා සංඝ රත්නය ශාසනය හැරයාමේ හේතු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ශ්‍රී ලාංකික භික්ෂුණී ශාසනය පිළිබඳව අමාත්‍යාංශය සතුව ඇති                 සංඛ්‍යා ලේඛනවලට අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වැඩ සිටින බෞද්ධ භික්ෂුණීන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;

      (ii) 2013 වර්ෂය තුළ  භික්ෂූණි ශාසනයට ඇතුළත් වූ සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-10-10

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks