E   |     |  

 දිනය: 2014-08-21   පිළිතුර ලබා දී ඇත 

4906/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4906/’14

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2014 ජනවාරි මාසය වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම පාරිතෝෂික මුදල් ලබා ගැනීම සඳහා රැඳී සිටි විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව කොපමණද;

        (ii)  ඔවුන්ට විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා දීමේ යම් ප්‍රමාදයක් පවතින්නේද;

        (iii)  එසේ නම්,  ඊට හේතු කවරේද;

       

        (iv)  විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට පාරිතෝෂික අත්තිකාරම් ලබා දීම සඳහා වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙන මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 2/2014 අනුව මෙතෙක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා ලබා දුන් විශ්‍රාම පාරිතෝෂික අත්තිකාරම් මුදල් ඉදිරියේදී බැංකු මගින් ලබා දීමට කටයුතු කරනු ලබන්නේද;

        (ii)  එසේ නම්, ඒ සඳහා හේතු කවරේද;   

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?  

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-21

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks