E   |     |  

 දිනය: 2014-09-10   පිළිතුර ලබා දී ඇත 

4920/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4920/’14

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2006.02.28 දින රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථිර සේවයට බඳවා ගත්  කම්කරුවන් පිරිසක් 2011.12.31 දින සේවයෙන් ඉවත් කරන ලද බවත්;

                   (ii)       ඔවුන්ට රු.250,000.00 ක වන්දි මුදලක් ලබා දී ඇති බවත්;

      (iii) එම ක්‍රීඩාංගණයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී  එම  සේවකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දුන්  බවත්;

        (iv) එසේ වුවද, ඔවුන් නොසලකා හැර සිවිල් ආරක්ෂක බලකායේ 24 දෙනෙකු එම ක්‍රීඩාංගණයේ සේවයට බඳවා ගෙන ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ඉහත (අ) (i) හි සඳහන් කම්කරුවන්ගේ නම් එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) (i) එම ක්‍රීඩාංගණයේ සේවයේ නියුතු මුළු සේවකයින් සංඛ්‍යාව කොපමණද;

      (ii) සේවයෙන් ඉවත් කරන ලද සේවකයින්ට ගෙවන ලද මාසික වැටුප කොපමණද;

      (iii) ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට බල පෑ හේතු කවරේද;

      (iv) ඉහත (අ) (iv) හි සඳහන් පිරිස බඳවා ගැනීම සඳහා විශේෂ සම්මුඛ පරීක්ෂණය      පැවැත්වූ දිනය කවරේද;

      (v) නැවත  බඳවා ගැනීමේදී ඉවත් කළ පිරිස  වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා නොදීම නිසා ඔවුන් දැඩි අසාධාරණයකට ලක් වූ බව පිළිගන්නේද;

      (vi) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-10

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks