E   |     |  

 දිනය: 2014-09-24   පිළිතුර ලබා දී ඇත 

5160/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5160/’14

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

        (අ)       (i)       ශ්‍රී ලංකාවේ පුරවැසියන්ව සිට පසුව වෙනත් රටක පුරවැසිභාවය ලැබීම නිසා  ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වූ තැනැත්තන් විසින් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලුම්පත් සලකා බැලීමට අදාළව අනුගමනය කරන ප්‍රතිපත්තිය කවරේද;

        (ii)  එවැනි අයදුම්පත් සලකා බැලීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් පවතින බව දන්නේද;

        (iii)  ඉහත කී ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

        (iv)  ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කළ, මෙතෙක් සලකා බලා අවසන් නොකරන ලද අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;

        (v)  2010.01.01 දිනෙන් පසු ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-24

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks