E   |     |  

 දිනය: 2014-08-08   පිළිතුර ලබා දී ඇත 

5167/ 2014 - ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5167/’14

       

      ගරු ජෝන් අමරතුංග මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 179 ඇලපිටිවල ග්‍රාම නිලධාරී වසමේ, නවම්මහර ග්‍රාමයේ ඇති රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

        (ii)  එම අනවසර පදිංචිකරුවන්ගේ පවුල්වල ගෘහ මූලිකයින්ගේ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  ඉහත පවුල් අතරින් පවුල් වැඩි සංඛ්‍යාවක් වසර 20කට වැඩි කාලයක් ඉහත ග්‍රාමයෙහි පදිංචිව සිටියද, මෙතෙක් ඔවුන්ගේ ඉඩම් වෙනුවෙන් ස්ථිර ඔප්පුවක් හෝ තාවකාලික බලපත්‍රයක් හෝ ලබා දීමට කටයුතු නොකිරීමට හේතු කවරේද;

        (ii)  එම පිරිස පදිංචි ඉඩම් සඳහා  ස්ථිර ඔප්පු ලබා දෙන්නේද;

        (iii)  එ‍සේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

        (iv)  ස්ථිර ඔප්පු ලබා දෙන තෙක් තාවකාලික බලපත්‍ර ලබා දෙන්නේද;

        (v)  එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-08

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks