E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

5196/ 2014 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5196/’14

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකවන ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම බලාගාරවල නම් කවරේද;

                 (iii)       අලුතින් ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව කොපමණද;

        (iv)  එම බලාගාර ස්ථාපිත කරන ප්‍රදේශ කවරේද;

        (v)  එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේ ක්‍රමවේදය කවරේද;

        (vi)  නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් දැනට ජනනය කර ඇති විදුලි  ඒකක සංඛ්‍යාව කොපමණද;

        (vii)  එය ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;

      යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගල් අඟුරු බලාගාර : විස්තර

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks