බලන්න

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

0067/ 2017 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 67/’15

      ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      කෘෂිකර්මාන්තය සඳහා කෘෂි රසායන හා පොහොර භාවිතා කිරීම සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නිසා ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)      ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු ජලය සහිත ගංගා, වැව් හා අනෙකුත් ජල මූලාශ්‍ර පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;

      (ii) එසේ නම්, ජලය දූෂණය වී ඇති ප්‍රධාන ජල මූලාශ්‍ර කවරේද;

      (iii) එම ස්ථාන පරිභෝජනයට සුදුසු පරිදි පිරිසිදු කිරීමට ගෙන ඇති පියවර කවරේද;

      (iv) ඉදිරි කාලයේදී ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අපවිත්‍ර ජලමූලාශ්‍ර පවිත්‍ර කිරීම: පියවර

පිළිතුරු දුන් දිනය

2018-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks