E   |     |  

 දිනය: 2015-11-30   පිළිතුර ලබා දී ඇත 

0074/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 74/’15

       

      ගරු බුද්ධික පතිරණ මහතා,—  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඔවුන්ට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා නොකළේ මන්ද;

      (iii) එම පිරිසට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන්නේද;

      (iv) එසේ නම්, ඒ කෙසේද;

      (v) එම හැඳුනුම්පත් නිකුත් කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේද;

      (ii) එසේ නම්, වයස අවුරුදු 18 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැඳුනුම්පතක් ලබා දීමට එම ක්‍රමය යටතේ හැකිවේද;

      (iii) ඒ සඳහා ඇති සැලසුම් කවරේද;

      (iv) එම නව ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන මුදල කොපමණද;

      (v) නව හැඳුනුම්පත සඳහා ජනතාවගෙන් මුදලක් අයකරගන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-11-30

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම : විස්තර

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. නාවින්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks