පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
79/’15
ගරු චන්දිම ගමගේ මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) පසුගිය වසර පහක පමණ කාලයක සිට අලි - මිනිස් ගැටුම උග්‍ර අතට හැරුණු අතර එමගින් අදටත් මිනිස් ජීවිත මෙන්ම අලි සම්පත ද විනාශ වෙමින් පවතින බවත්; සහ
(ii) අවිධිමත්ව හා සැලසුමකින් තොරව විදුලි වැටවල් ඉදිකිරීම තුළින් වන අලින්ගෙන් ගම්මාන ආරක්ෂා වීම වෙනුවට අසාධාරණ ලෙස තමන්ගේ ඉඩකඩම් හා ගේ දොර අහිමිවීමෙන් ගම්මානවල ජීවත්වන ජනතාව අසරණ භාවයට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පසුගිය කාලයේදී ඉදිකල හා ඉදිකිරීමට යෝජිත විදුලි වැට ව්‍යාපෘති ගණන කොපමණද;
(ii) විදුලි වැට ඉදිකර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනවිට අක්‍රියව ඇති විදුලි වැටවල් සංඛ්‍යාව කොපමණද; සහ
(iv) ඉහත (අ) (ii)හි සඳහන් සිද්ධීන්වලට මුහුණ දුන් ජනතාවට සාධාරණය ඉටු කිරීම පිණිස හා එවැනි පැමිණිලි භාර ගැනීමට නිසි ක්‍රමවේදයක් අමාත්‍යාංශය තුළ ස්ථාපනය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-21
අසන ලද්දේ
ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විදුලි වැට ව්‍යාපෘති : විස්තර
පිළිතුරු දුන් දිනය
2015-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks