පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
174/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.06.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිටුවීමට අදාළ අනුමතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බවත්;
(ii) ඉහත අනුමතිය ප්‍රකාරව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2015.07.17 දිනැති අංක ED/4/58/16/01/04 දරන ලිපියෙන්, විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් නැවත සේවයේ යොදවන මෙන් අදාළ සියලු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2015 සැප්තැම්බර් 01 දින වනවිට, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා අයදුම් කර ඇති විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ නම් කවරේද;
(ii) ඔවුන් විධිමත් ලෙස නැවත සේවයේ පිහිටුවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-28
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් : නැවත සේවයේ පිහිටුවීම
පිළිතුරු දුන් දිනය
2015-11-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks