E   |     |  

 දිනය: 2016-02-11   පිළිතුර ලබා දී ඇත 

0267/ 2016 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 267/’15

       

      ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මුස්ලිම් පල්ලි හා පුන්‍යායතන දේපළ පනත යටතේ, මුස්ලිම් පල්ලි, ජුම්මා පල්ලි, තක්කියා සාවියා යන ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි (වක්ෆ් දේපළ) රජයේ විවිධ සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගැනීමේදී, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (වක්ෆ් අංශය) දැනුවත් කිරීමෙන් තොරව එම අත්පත් කිරීම් සිදුවන බව එතුමා දන්නෙහිද?

      (ආ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වක්ෆ් දේපළ, අත්පත්කර ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටි (අදාළ පනත අනුව) සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේද;

      (ii) එසේ නම්, එම ගැසට් නිවේදනයේ අංකය හා දිනය කවරේද;

      (iii) එහි පිටපතක් සභාගත කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-11

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වක්ෆ් දේපළ අත්පත් කරගැනීම : ක්‍රියාපටිපාටිය

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks