පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
299/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිලධාරියා විසින් රුපියල් පනස් දහසක් ගෙවීමේ පදනම මත, 2014 වර්ෂයේදී රජයේ නිලධාරින්ට ලබා දුන් යතුරු පැදි සංඛ්‍යාව;
(ii) 2014 වර්ෂයේදී මුදල් ගෙවා, 2015.10.31 දින වනතෙක් යතුරු පැදි නොලැබුණු නිලධාරින් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015 ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වූ පරිදි, යතුරු පැදි සඳහා රජයේ නිලධාරින් විසින් ගෙවන ලද රුපියල් පනස් දහසක මුදල හෝ ඉන් කොටසක් රජය විසින් නැවත නිලධාරින්ට ගෙවා තිබේද;
(ii) එසේ නම්, මුදල් නැවත ගෙවා ඇති නිලධාරින් සේවය කරනු ලබන දෙපාර්තමේන්තු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-25
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජයේ නිලධාරින්ට යතුරුපැදි ලබා දීම : විස්තර
පිළිතුරු දුන් දිනය
2016-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks