පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
306/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 නොවැම්බර් 10 දින හෝ ඊට ආසන්න දිනයකදී ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජුලී බිෂොප් හමුවූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත යුද අපරාධ අධිකරණයේ කටයුතු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විනිසුරුවරුන් එවන මෙන් ඉල්ලා සිටි බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එකී නියෝජිත පිරිස රජයේ යම් විධායක තනතුරු දරන්නේද;
(ii) එම පිරිස ජනාධිපතිවරයාගේ විශේෂ තානාපතිවරුන් හෝ නියෝජිතයින් ලෙස පත් කර තිබේද;
(iii) ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමට ඔවුන්ට ඇති බලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා රජයේ ආරාධනයකින් තොරව ඕස්ට්‍රේලියානු විනිසුරුවරුන් මෙරට නඩු කටයුතු සඳහා එවීමට ඕස්ට්‍රේලියානු රජයට යම් බලයක් තිබේද;
(ii) යෝජිත යුද අපරාධ අධිකරණයේ නඩු කටයුතු සඳහා විදේශීය විනිසුරුවරුන්ට ආරාධනා කිරීමට රජය බලාපොරොත්තු වන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-12
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
යෝජිත යුද අපරාධ අධිකරණය : විදේශ විනිසුරුවන්
පිළිතුරු දුන් දිනය
2016-02-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හර්ෂ ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks